කෙටිම කාලයකින් විභාග ප්‍රතිඵල නිකුත් කළෙමු.
21 වන සියවසේ කුසලතාවන් සහ විභවතාවන් ග්‍රහණය කරගත හැකිවන අයුරින් තරුණ ප්‍රජාවගේ සහජ දක්ෂතාවන් හා කුසලතා වැඩි දියුණු කිරීමට සුදුසු ඉගැනුම් හා ඉගැන්වීම් පරිසරයක් නිර්මාණය කර වර්තමානයේ ප්‍රබල වෙනසක් සිදුකිරීම ජාතික අවශ්‍යතාවයක්ව පවතී.
මෙරට සංවර්ධන න්‍යාය පත්‍රය මෙහෙයවනු ලබන තරුණ ප්‍රජාව අනාගතයට සරිලන බලසතු ශ්‍රී ලාංකීය තරුණයෙක් බවට පත් කිරීම ජාතික තරුණ සේවා සභාවේ ආයතනික දැක්ම වේ.
වෙනස් වන ලෝකය සමඟ ජාතික තරුණ සේවා සභාව ද උපාය උපක්රමිකව වෙනස්වීම් කළමනාකරණය කර 2023 වර්ෂයේ සිට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආශ්රිත විභාග පැවැත්වීමේ ක්‍රියාවලිය Digitalize කරමින් Online මඟින් විභාග පවත්වා ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන පරිදි ඉලෙක්ට්‍රොනික් පහසුකම් සහිත වටිනා සහතික පතක් ඔබ සුරතට ලබාදීමට අප ක්‍රියා කල බව සතුටින් ඔබට දන්වා සිටිමි.
ඔබගේ අනාගත අධ්‍යාපනික හා වෘත්තීය දිවිය සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.